සමාජ මාධ්‍ය ජාලයේ අතොරක් නැතිව සැරිසැරීම ශාරීරික සෞඛ්‍යයට අහිතකරයි

අගෝ 23, 2019

    සමාජ මාධ්‍ය ජාලයේ අතොරක් නැතිව සැරිසැරීම යොවුන් වියේ පසුවන්නන්ගේ නින්ද කෙරෙහි සහ ව්‍යායාම සඳහා කාලය අහිමි වීමෙන් ශාරීරික සෞඛ්‍යය කෙරෙහි අහිතකර බලපෑමක් ඇතිකළ හැකි බව සමීක්‍ෂණයකින් හෙළි වී ඇත.

    යොවුන් දරු දැරියන් රාත්‍රී 10.00 න් පසු ජංගම දුරකථන භාවිතයේ යෙදීම නතර කිරීම සඳහා දෙමව්පියන් පියවර ගත යුතු අතර, තම දරුවන් ශාරීරික ක්‍රියාකාරකම් කෙරෙහි යොමු කිරීමෙහිලා දිරිගැන්විය යුතුව ඇතැයි එම සමීක්‍ෂණය සිදුකළ බ්‍රිතාන්‍ය කණ්ඩායම පවසති.

    විශේෂයෙන්ම ගැහැණු දරුවන් සයිබර්අ වකාශය තුළ එල්ල කරන ප්‍රහාරවල ගොදුරු විය හැකි බව පෙන්වා දෙන ඔවුන් එමගින් දැරියන්ගේ මානසික ආතතිය ඉහළ යා හැකි බව පෙන්වා දේ. 

     

    Latest News