තවත් ඉහළ පෙළේ නිලධාරියෙක් ට්‍රම්ප් හැරයයි

ජූලි 29, 2019

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට සම්බන්ධ තවත් ඉහළ පෙළේ නිලධාරියෙක් ධූරයෙන් ඉවත් විරීමට සූදානම් වේ.

    මෙවර ධවල මන්දිරය හැරයන්නේ ජාතික බුද්ධි තොරතුරු අංශ ප්‍රධානී ඩෑන් කෝට්ස්. අගෝස්තු මස මැද භාගය වනවිට කෝට්ස්ගේ සේවා කාලය අවසන් වන බව ටුවිටර් පණිවුඩයක් මගින් ජනාධිපති ට්‍රම්ප් දැනුම් දී තිබේ. සී.අයි.ඒ./එන්.එස්.ඒ ඇතුළු අමෙරිකානු බුද්ධි අංශ 17ක අධීක්‍ෂණය පැවරී ඇත්තේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියාටයි. ඩොනල්ට් ට්‍රම්ප් යටතේ ඩෑන් කෝට්ස් එම ධූරයේ වසර දෙක හමාරක් සේවය කර තිබේ. ඉල්ලා අස්වීමේ ලිපියෙහි ඔහු සඳහන් කර ඇත්තේ ගෙවුණු කාලය තුළ අමෙරිකානු බුද්ධි අංශ ශක්තිමත් කිරීමට තමන්ට හැකිවූ බවයි. නව බුද්ධි අංශ ප්‍රධානියා ලෙස ටෙක්සායි කොන්ග්‍රස් සභිකයෙකු වූ ජෝන් රැට්ක්ලිෆ් පත් කර තිබේ. ආරක්‍ෂක ලේකම් ජේම්ස් මැට්ටික්ස් රාජ්‍ය ලේකම් රෙක්ස් තිලර්සන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මීට පෙර ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වූහ.

    Latest News