බ්‍රිතාන්‍යයේ නව මුදල් නෝට්ටු සඳහා ඇලන් ටූරින්ගේ රුව

ජූලි 16, 2019

    බ්‍රිතාන්‍යයේ නව පවුම් පනහේ මුදල් නෝට්ටු සඳහා ගණිතඥයෙකු සහ පරිගණක විද්‍යාවේ මූලිකයෙකු වන ඇලන් ටූරින්ගේ රුව යොදා ගැනීමට එංගලන්ත මහ බැංකුව තීරණය කර තිබේ.

    ඒ, ඔහු විසින් දෙවැනි ලෝක යුද සමයේ සිදු කළ සේවය වෙනුවෙනි. ඇලන් ටූරින්ග් දෙවැනි ලෝක යුද සමයේ කේත විකේතනය කරන උපකරණයක් නිර්මාණය කළ අතර, එමගින් ලෝක යුද්ධයේ දී ජීවිත දහස් ගණනක් බේරා ගැනිමට හැකියාව ලැබිණ. ඔහුගේ යන්ත්‍රය ආධාරයෙන් ජර්මානුවන් විසින් භාවිත කරනු ලැබ එනිග්මා යන්ත්‍රයේ රහස් පණිවුඩ විකේතනය කිරීමේ හැකියාව ලැබිණ. එනිග්මා යන්ත්‍රය ජර්මානුවන් හඳුන්වා දී තිබුණේ කිසිම දිනෙක විකේතනය කළ නොහැකි පණිවුඩ හුවමාරු ක්‍රමයක් ලෙසයි. ඔහුගේ මෙම යන්ත්‍රය නවීන පරිගණක විද්‍යාවේ ආරම්භය ලෙස ද සැලකේ. නමුත්, යුද්ධය අවසන් වීමෙන් පසු ටූරින්ග් හට ලිංගිකත්වය පිළිබඳ චෝදනා එල්ලවිය. ඒ හේතුවෙන් ඔහුගේ වීර ක්‍රියාවන් දශක ගණනාවක් තිස්සේ රහසක් ලෙස පැවතිණ. ඔහු 1952 වසරේ ඔහුට එල්ල වී තිබූ චෝදනා හේතුවෙන් සිය දිවිහානි කරගත් අතර, 2013 වසරේ ඔහුට රාජකීය සමාව හිමිවිය. බ්‍රිතාන්‍යයේ වැඩිම අගයක් සහිත මුදල් නෝට්ටුව වන පවුම් පනහේ ඔහුගේ රුව සහිත නව නෝට්ටුව 2021 අග සිට සංසරණය සඳහා නිකුත් කිරීමට නියමිතයි.

    Latest News