ගංවතුරෙන් මියගිය ගණන 55ක් වෙයි

ජූලි 15, 2019

    නේපාලයේ, ඉන්දියාවේ සහ බංගලාදේශයේ ගංවතුරෙන් මියගිය පිරිස 55 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවත් 30 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. අතුරුදන් වූවන් ගංවතුරට සහ නායයෑම්වලට හසුවී ඇති බවට සැක කෙරේ. තුවාල ලැබූ සංඛ්‍යාව 33ක්. ගංවතුර හේතුවෙන් මිලියනයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බවයි, බලධාරීන් පවසන්නේ.

    මේ දිනවල දකුණු ආසියානු කලාපයට ඇඳ හැලෙන මෝසම් වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඉදිරි දිනවල දී තවත් තද වැසි ඇතිවනු ඇති බවටයි, කාලගුණ ඒකක අනතුරු අඟවන්නේ.

     

     

    Last modified on සදුදා, 15 ජූලි 2019 11:07

    Latest News