නිව්යෝර්ක් නුවර උමං දුම්රිය පද්ධතිය අඩපණයි

ජූලි 14, 2019

    අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර උමං දුම්රිය පද්ධතිය අද අළුයම මුළුමනින්ම අඩපණ විය.

     

    ඒ එම ප්‍රදේශයට හදිසියේ විදුලිය ඇණහිටීම හේතුවෙන්. මේ සමඟම විදුලි සෝපානවල ගමන්ගත් පිරිස් විදුලි සෝපානවල මෙන්ම උමං දුම්රිය මාර්ගවල සිරවූ බව මාධ්‍ය වාර්තාවල සඳහන්. මෑන්හැටන්හි විදුලි ට්‍රාන්ස්පෝමරයක් ගිනි ගැනීමෙන් විදුලිය විසන්ධි වූ බව නිව්යෝර්ක්හි ගිනිනිවන ඒකකය පවසයි. විදුලි බිඳවැටීම මෑන්හැටන්හි පුද්ගලයින් 42,000ක් ඇතුළු නිවාස හා ගොඩනැගිලි සෘජුවම 70,000ක් පමණ බලපෑම් සිදුවිය. කෙසේ වෙතත්, අද උදෑසන වනවිට විදුලිය සැපයීම යථා තත්වයට පත්කර ඇති බව ද මාධ්‍ය වාර්තා පවසයි.

    Last modified on ඉරිදා, 14 ජූලි 2019 14:52

    Latest News