නේපාලයේ ගංවතුරින් 43ක් මරුට

ජූලි 14, 2019

    මෝසම් වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයාම්වලින් දකුණු ආසියාවේ 50කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

    අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ නේපාලය, ඉන්දියාව සහ බංග්ලාදේශයටයි. සතියක කාලයක් පැවති වැසි හේතුවෙන් නේපාලයේ 43 දෙනෙකු මියගොස් ඇත. 24 දෙනෙකු අතුරුදන් බව මාධ්‍ය වාර්තාවල සඳහන්. නේපාලයේ ලක්‍ෂ 10කටඅයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී තිබේ. ඉන්දියාවේ ගංවතුර සහ නායයාම් රැසක් වාර්තා වී ඇත්තේ ඇසෑම් ප්‍රාන්තයෙන්. ඉන්දියාව, බංග්ලාදේශය හා චීනය හරහා ගලා යන බ්‍රශ්මපුත්‍ර ගංගාවේ ජල මට්ටම තවමත් ඉහළ යමින් පවතින බව වාර්තාවේ. අකුණු සහ ගොඩනැගිලි කඩාවැටීම් හේතුවෙන් බංග්ලාදේශයේ 16 දෙනෙකු මියගොස් තිබේ.

    Latest News