පිලිපීන භූ කම්පනයෙන් 51කට තුවාල

ජූලි 14, 2019

    පිලිපීනයේ සිදුවූ භූකම්පනයකින් 51 දෙනෙකු තුවාල ලබා තිබේ.

    නිවාස, දේවස්ථාන හා තවත් ගොඩනැගිලි රැසකට ද ඉන් හානි සිදුවිය. භූකම්පනය රික්ටර් පරිමාණයෙ 5.8ක් ලෙස සටහන් විය. මින්දනාවෝ දූපතේ ඊසාන දිග වෙරළ තීරයේ සිදුවූ භූකම්පනයෙන් අනතුරුව පසුකම්පන 07ක් ද වාර්තා වී තිබේ. මේ සමඟම බියටපත් ජනතාව සිය නිවෙස්වලින් පලාගියේය. තවද රෝහල්වල සිටි රෝගීන් ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇත. පැසිපික් ගිනි වළල්ලට අයත් පිලිපිනයේ මෙවැනි භූකම්පන නිරතුරුව සිදුවේ. ඉකුත් අප්‍රේල් මාසයේ මෙවැනිම භූකම්පනයකින් 11 දෙනෙකු මියගොස් තිබේ.

    Latest News