සෝමාලියා බෝම්බ ප්‍රහාරයෙන් 26ක් මරුට

ජූලි 13, 2019

    දකුණු සෝමාලියාවේ වරාය නගරයක සංචාරක හෝටලයකට එල්ලවූ ප්‍රහාරයකින් 26 දෙනෙකු මරණයට පත්වූහ.

    මියගිය අය අතර මාධ්‍යවේදීන් හා විදෙස් සංචාරකයන් ද වේ. ප්‍රහාරය සිදු කළේ අයි.එස්. කල්ලියට අනුබද්ධ අල් ෂබාබ් නමැති ඉස්ලාමීය සටන්කාමී කල්ලියයි. ත්‍රස්තවාදී සාමාජිකයෙකු බෝම්බ සවි කළ වාහනයකින් පැමිණ හෝටලය ඉදිරිපිටදී එය පුපුරුවා ගෙන තිබේ. ඒ සමගම සන්නද්ධ සටන්කාමීන් පිරිසක් ගිනි අවි ප්‍රහාරයක්ද එල්ල කළේය. සෝමාලියා හමුදාව වහා ප්‍රතිප්‍රහාරයක් එල්ල කර තිබේ. පැය තුනක මෙහෙයුමකින් පසුව තත්වය සාමාන්‍ය අතට හැරවීමට හැකිවූ බව හමුදාව පවසයි. ප්‍රකට මාධ්‍ය වේදිනියක වන හොන්ඩන් නලේයා ද ප්‍රහාරයෙන් මියගිය බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.

    Latest News