ෆේස්බුක් සමාගමට දඩයක්

ජූලි 13, 2019

    ෆේස්බුක් සමාගමට අමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම විසින් ඩොලර් බිලියන 5ක දඩ මුදලක් පනවා ඇති බව, අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

    ඒ ෆේස්බුක් භාවිත කරන්නන්ගේ දත්ත ආරක්ෂණ නීති රීති උල්ලංඝණය කිරීම හේතුවෙන්. මෙම දඩය අමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම විසින් තාක්ෂණික සමාගමක් වෙනුවෙන් පනවන ලද විශාලම දඩ මුදලයි. මෙම දඩ මුදල අය කිරීමට ප්‍රධානම හේතුව වන්නේ, ෆේස්බුක් සමාගමට සේවා සපයන කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් ෆේස්බුක් භාවිත කරන්නන්ගේ දත්ත අනවසරයෙන් ලබා ගැනීමයි.

    එම සමාගම විසින් ෆේස්බුක් පරිශීලකයින් මිලියන 87කගේ දත්ත මෙසේ අවභාවිත කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, මෙම මුදල ගෙවීම ෆේස්බුක් ආයතනය විසින් යෝජනා කරන ලද්දක් බවයි, පැවසෙන්නේ. ෆේස්බුක් සමාගම දත්ත අවභාවිත කිරීමේ චෝදනාව සමථයකට පත් කර ගැනීම සඳහා මෙම මුදල යෝජනා කර ඇති බවටයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. එම මුදල ෆේස්බුක් සමාගමේ කාර්තුවක ලාභය හා සමාන වෙයි.

     

     

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 10:42

    Latest News