පීඩන අවපාතයකට හසුවූ ගුවන් යානයේ 35කට තුවාල

ජූලි 12, 2019

    කැනඩා ගුවන් සේවයට අයත් යානයක් පීඩන අවපාතයකට හසුවීමෙන් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

    යානය, කැනඩාවේ සිට ඔස්ට්‍රේලියාව බලා පියාසර කර තිබිණ. යානය, එම අවස්ථාවේ හොනලුලූ දූපතට හදිසියේ ගොඩබස්සවා තිබේ. තුවාල ලැබූවන්ට එහි දී ප්‍රතිකාර ලබාදී ඇති අතර, කිසිවෙකුට බරපතල තුවාල සිදුවී නැහැ.

    අනතුරට මුහුණ දී ඇත්තේ බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක්. එහි 284 දෙනෙක් ගමන් කරමින් සිට තිබේ. සිද්ධියට මුහුණදුන් අයෙකු පවසා ඇත්තේ, යානය එක්වරම පහළට කඩා වැටීම නිසා, එහි සිටි සියලුදෙනා විසිරී ගොස් යානයේ වහලයේ වැදුනු බවයි.

    Last modified on සිකුරාදා, 12 ජූලි 2019 10:26

    Latest News