රුසියානු සබ්මැරීනයක ගින්නකින් 14ක් මරුට

ජූලි 03, 2019

    රුසියානු සබ්මැරීනයක් ගිනි ගැනීමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මුහුද පතුලේ විද්‍යාත්මක ගවේෂණයක් සඳහා පසුගියදා පිටත්ව ගිය සබ්මැරීනය, මෙලෙස ගිනි ගෙන ඇති බවයි වාර්තා වන්නේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, දුම ආග්‍රාහණයවීමෙන් සබ්මැරීනයේ සිටි පිරිස මියගොස් ඇති බවයි.

    අනතුරින් පසු යාත්‍රාව මර්මන්ස්ක් කලාපයේ සර්වරෝමෝස් නාවික කඳවුරු වෙත රැගෙනවිත් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සිටි පිරිස පිළිබඳ වැඩිදුර තොරතුරු රුසියානු ආරක්ෂක අංශය සඳහන් කර නොමැත.

    Last modified on බදාදා, 03 ජූලි 2019 11:08

    Latest News