EU සභාපති පුටුවට පළමුවරට කාන්තාවක්

ජූලි 03, 2019

    යුරෝපා කොමිසමේ සභාපති තනතුරට, උර්සුලා වොන් ඩර් ලේන් පත්ව තිබේ.

    එම තනතුරට කාන්තාවක් පත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ අනූව, ඉහළ තනතුරු සඳහා සුදුස්සන් තෝරා ගැනීම සම්බන්ධයෙන් පැවති අර්බුදය අවසන් බවයි, වාර්තා වන්නේ. උර්සුලා වොන් ඩර් ලේන් ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරියයි. හිටපු ප්‍රධානී ෂොන් ක්ලෝඩ් ජන්කර් වෙනුවටයි, උර්සුලා මෙලෙස පත්ව ඇත්තේ. එම තනතුර සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන පෙළේ නාමයන්ගෙන් උර්සුලා පත්වීම විශේෂත්වයක් බව, විදෙස් විශ්ලේෂකයන් පවසයි.

    මේ අතර, ක්‍රිස්ටීන් ලගාඩේ යුරෝපානු මහ බැංකුවේ ප්‍රධානියා ලෙසට නම්කර ඇති බවයි, වාර්තා වන්නේ. ඇය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රදානී ලෙස ක්‍රියා කළේය. එම තනතුරට ද කාන්තාවක් පත්වූ මුල්ම අවස්ථාව මෙය බවයි, සැලකෙන්නේ.

    Latest News