G20ට පෙර චීන-ජපාන නායකයෝ හමුවක

ජූනි 28, 2019

    චීන ජනාධිපති ෂී චින්පිං හා ජපාන අගමැති ෂින්සෝ අබේ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ඊයේ(27) නිරතවුණු බව වාර්තාවේ.

    දෙරටේ නායකයන් අතර හමුව ඔසාකා නගරයේදී පැවැත්වී තිබේ. ආසියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානය හා චීන නායකයන්, ද්විපාර්ශික මෙන්ම කලාපයට බලපාන කරුණු එහිදී සාකච්ඡාවට ලක් කර ඇත. සංකීර්ණ ගෝලීය ආර්ථික රටාව තුළ නිදහස් අසාධාරණ වෙළඳ ක්‍රමයක් ගොඩ නැගීමට ඔවුන් එහි දී ප්‍රතිඥා දී තිබේ. ජපානයේ ඔසාකා නගරයේදී G20 සමුළුව අද ආරම්භ වීමට නියමිතයි. ලොව බලවත්ම ආර්ථිකයන් 20ට හිමි රටවල් නායකයන් ඊට එක් වේ. ඇමරිකාවෙ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, බිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු රාජ්‍ය නායකයන් ගෝලීය ආර්ථිකය ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. G20 සමුළුව හෙට අවසන් වේ.

    Latest News