යුරෝපයට අධික උණුසුමක්; ස්පාඤ්ඤයේ ලැව්ගිනි

ජූනි 28, 2019

    යුරෝපයට බලපා ඇති අධික උෂ්ණ කාලගුණයක් සමග ස්පාඤ්ඤයේ ලැව්ගිනි හටගෙන ඇති බව වාර්තාවේ.

    යුරෝපයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කට වැඩි අගයක් වාර්තාවිය. ලැව්ගිනි තත්වය ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව වාර්තාවේ. ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 6,500 කට අධික සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති බව සඳහන් වේ. ප්‍රදේශයේ පුද්ගලයන් රැසක් ඔවුන්ගේ වාසස්ථානවලින් ඉවත් කර ගින්න පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටින බව විදේස් මාධ්‍ය සඳහන් කරයි. අධික උෂ්ණ කාලගුණයෙන් ජර්මනිය, ප්‍රංශය, චෙක් සමූහාණ්ඩුව ඇතුළු රටවල් රැසකට මේ මස වාර්තාගත උෂ්ණත්වයක් ලැබී තිබේ. ප්‍රංශයේ වැඩිම උෂ්ණත්ව අගය අද වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සෙල්සියස් අංශක 44 දශම එකක් වාර්තා වී තිබුණේ 2003 වසරේදීය. අධික උෂ්ණත්වය හේතුවෙන් කුඩා ළමුන් වැඩිහිටියන් ඇතුළු විශාල පිරිසකට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

    Latest News