අධික උණුසුමට විසඳුම් සොයන යුරෝපය

ජූනි 27, 2019

    අධික උෂ්ණත්වයෙන් සිදුවන බලපෑම් අවම කිරීමට යුරෝපයේ නගර රැසක විශේෂ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

    ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ උෂ්ණත්වය අද දිනයේ සෙල්සියස් අංශක 40කට ළගා වනු ඇති බවයි, වාර්තා වන්නේ. යුරෝපා රටවල් රැසකට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල කර තිබේ. ජර්මනිය, පෝලන්තය හා චෙක් ජනරජය යන රටවලින් ඊයේ වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා විය. 2003 දී ප්‍රංශයට බලපෑ අධික උණුසුම හේතුවෙන් 15,000ක පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

    උතුරු අප්‍රිකාවේ සිට හමා එන උණුසුම් සුළං ධාරා යුරෝපයේ අධික උණුසුමට හේතු වී ඇති බවයි, කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ. වර්ෂ 1500න් පසු යුරෝපය මුහුණ දුන් වඩාත් උණුසුම් ග්‍රීස්ම සෘතු 05 එළඹි ඇත්තේ 21වැනි ශතවර්ෂය තුළ වීම කැපී පෙනේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ජූනි 2019 10:14

    Latest News