ISIS 155ක් දැනට අත්අඩංගුවට ගෙන තිබේනවා; ඉන්දියාව කියයි

ජූනි 26, 2019

    අයිඑස් අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ 155 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    ඉන්දීය පාර්ලිමේන්තුව වෙත ලිඛිත ප්‍රකාශයක් යොමු කරමින් එම අමාත්‍යාංශය මේ බව ඊයේ නිවේදනය කළේය. තහනම් ත්‍රස්ත සංවිධානයක් වන අයිඑස් අයිඑස් සංවිධානයට සම්බන්ධ හා ඊට අනුබල දුන් 155 දෙනෙකු මේ වන විට ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වූ ඇතැම් ප්‍රාන්තවල පුද්ගලයන් පිළිබඳව මධ්‍යම බුද්ධි ඒජන්සිය අවධානයෙන් පසුවන බව ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියි. අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් හා ඊට අනුබල දුන් පිරිස්වලට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය හා පොලීසිය විසින් ගෙන ඇති බවයි, ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජී කිෂන් රෙඩ්ඩි ලෝක් සභාව වෙත යැවූ ලිඛිත නිවේදනයේ දැක්වෙන්නේ.

    ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පිරිස් තම මතවාදය ප්‍රචාරය කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරයි. ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවන අතර ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරන බව ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාවරයා පෙන්වා දෙයි.

    Last modified on බදාදා, 26 ජූනි 2019 12:33

    Latest News