අල් කමේනි ඉලක්ක කර ඉරානයට සම්බාධක

ජූනි 25, 2019

    ඉරානයට එරෙහිව තවත් දැඩි සම්බාධක පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. නව සම්බාධකවලට එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ද ඉලක්ක වී තිබේ.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානය විසින් අමෙරිකානු ඩ්‍රෝන යානාවක් බිම හෙළීම ඇතුළු කරුණු රැසක් මුල් කරගෙන මෙම නව සම්බාධක පැනවූ බවයි. ඉරානයේ සිදුවන දෑවලට එරට නායකයා වගකිව යුතු බැවින්, ඔහුත් මෙම සම්බාධකවලට ඉලක්ක වූ බවයි ට්‍රම්ප් වැඩිදුරටත් පවසන්නේ.

    මේ පිළිබඳ අදහස් දක්වන ඉරාන විදේශ අමාත්‍ය ජාවේඩ් සරීෆ් සඳහන් කරන්නේ, අමෙරිකාව රාජ්‍යතාන්ත්‍රික භාවය නිග්‍රාහයට ලක්කර ඇති බවයි.

    Latest News