තාවකාලික කූඩාරමක් කඩා වැටී 14ක් මරුට

ජූනි 24, 2019

    ආගමික වැඩසටහනක් අතරතුර තාවකාලික කූඩාරමක් කඩා වැටීමෙන් ඉන්දියාවේ පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.

    අයහපත් කාලගුණය ඊට හේතුවයි. මේ අතර, අධික උෂ්ණත්වයෙන් ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් රැසකට දැඩි බලපෑම් එල්ලවී ඇත. රාජස්තාන් ප්‍රාන්තයේ පැවති ආගමික වැඩසටහනක් අතරතුර මෙම දැවැන්ත කූඩාරම කඩා වැටී තිබේ. ඒ වනවිට සුළං සමඟ දැඩි වර්ෂාවක් පැවතිණ. 300ක පමණ පිරිසක් එහි රැඳී සිට ඇත. සුන්බුන්වලට යටවීමෙන් හා විදුලිසැර වැඳීමෙන් පිරිසක් මිය ගියේය. තුවාල ලැබූ පිරිස 50කට අධිකවේ.

    මේ අතර, ප්‍රංශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවන බවට, අනාවැකි පළව තිබේ. ඉන් වඩාත්ම බලපෑමට ලක්වන්නේ පැරිස් ඇතුළු උතුරු දිග ප්‍රදේශයි. අධික උෂ්ණත්වය පාලනයට මහජනයා ගැවසෙන ප්‍රදේශවල තාවකාලික දිය උල්පත් ඉදිකිරීමට පියවර ගෙන තිබේ. අධික උෂ්ණත්වයෙන් ජර්මනිය, බෙල්ජියම හා ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් රැසකට බලපෑම් එල්ල වනු ඇති බව විශ්වාස කෙරේ.

    Latest News