අමෙරිකාව,ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වුවත්, අවසානයේ ට්‍රම්ප් ජනාධිපතිවරාය විසින් එය අත්හිටුවනු ලැබීය. අනතුරුව, ඉරානයට දැඩි සම්බාධක පැනවීමට අමෙරිකාව පියවර ගැනිණ. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම පාලනය කිරීම මෙහි අරමුණ බවයි, අමෙරිකාව පවසන්නේ.
ඊට අමතරව ඉරානයේ මිසයිල පද්ධති ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමට ද අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඉරානයේ රොකට් හා මිසයිල විදිනයක් අක්‍රීය කර දැමීමද එහි අරමුණයි.