නගරාධිපති තෝරන්න ගිය පාලක පක්ෂයට පරාජය

ජූනි 24, 2019

    තුර්කියේ අගනුවර නගරාධිපතිවරයා තේරීමේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ඒ.කේ පක්ෂය පරාජයට පත්වී තිබේ.

    මෙතෙක් ගණන් බලා ඇති ප්‍රතිඵලවලට අනූව එරට විපක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා 54%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති බවයි, වාර්තා වන්නේ. නගරාධිපති තේරීමේ මැතිවරණය ඉස්තාන්බුල් අගනුවර පැවැත්වුණේ දෙවැනි වරටයි. පසුගිය මාර්තු මස පැවති මැතිවරණයේ දී අක්‍රමිකතා සිදුවූ බව පවසමින් එරට පාලක පක්ෂය විසින් එය අවලංගු කරනු ලැබීය. එම පරාජය ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉස්තාන්බුල් අගනුවර ජයග්‍රහණය කරන පක්ෂය, තුර්කිය ජයග්‍රහණය කරන බවට ඔහු මීට පෙර කළ ප්‍රකාශය ද මීට බලපා තිබේ.

    ඡන්ද ගණන් කිරීම අවසන් වී නොමැති අතර නිල ප්‍රතිඵල ද තවමත් නිකුත් වී නැත. කෙසේ වෙතත් තමා ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව නව නගරාධිපතිවරයා කියා සිටින්නේ.

    Last modified on සදුදා, 24 ජූනි 2019 07:42

    Latest News