කොලොම්බියාව කෝපිවලින් ගිනස් වාර්තාවක් තැබීමට සැරසේ

ජූනි 16, 2019

    කොලොම්බියාව ලොව විශාලතම කෝපි කෝප්පය නිපදවා ගිනස් වාර්තාවක් තැබීමේ උත්සාහයක ඊයේ නිරත විය.

    ඊට අමතරව, ලොව වැඩිම පිරිසක් කෝපි රස බැලීමේ වාර්තාවට ද ඔවුන් ඊයේ උත්සාහ කළේය. ඔවුන් විසින් නිපද වූ කෝපි කෝප්පයට කෝපි ටොන් 20ක ප්‍රමාණයක් දරා ගැනීමේ හැකියාව තිබේ. ගිනස් නිලධාරීන් ඔවුන්ගේ උත්සහය පිළිබඳ වාර්තා ලබාගත් අතර, නිල ගිනස් වාර්තාව ලබාදීම සඳහා තවත් සාධක එක් රැස් කළ යුතු බව, නිලධාරීහු පවසති. ලොව වැඩිම පිරිසක් එකවර කෝපි රස බැලීමේ වාර්තාව මීට පෙර තබා තිබුණේ, එකවර 739ක පිරිසක් ඊට සහභාගි වීමෙන්. මෙවර උත්සහයේ දී ඊට සහභාගි වූ පිරිස් පිළිබඳව නිසි අධ්‍යයනයකින් පසුව වාර්තාව ලබාදෙන බව, ගිනස් බලධාරීහු පවසති.

    Latest News