නවසීලන්ත "අඳුරු දිනයේ" මිනිසා නිර්දෝෂී කියයි

ජූනි 14, 2019

    නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු, තමන්ට එල්ල වන සියලු චෝදනවලට වරදකරු නොවන බව තම නීතිඥයා මගින් ප්‍රකාශ කරයි.

    බ්‍රෙන්ටන් ටැරන්ට් නම් මෙම පුද්ගලයාට 51 දෙනෙකු මරණයට පත් කිරීම, 40 දෙනෙකු මරණයට තැත් කිරීම සහ එක් ත්‍රස්ත චෝදනවක් යටතේ නඩු පවරා ඇත.

    28 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන බ්‍රෙන්ටන් ටැරන්ට් නම් රක්ෂිත බන්ධනාගාර ගත මෙම පුද්ගලයා වීඩියෝ මාර්ගයෙන් දෙවන වර උසාවිය සඳහා පෙනී සිට තිබේ. ඒ අවස්ථාවේ ඔහුගේ නීතිඥයා, ෂෙන් ටේට් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

    ඒ අවස්ථාවේ එම උසාවි ශාලාවේ සිටි මිය ගිය අයගේ නෑදෑයන් සහ සමීපතයින් දැඩි සිත් වේදනාවෙන් කඳුලු බරිත වූ බව වාර්තාවේ.

    ටැරන්ට සම්බන්ධ නඩුව විභාග කිරීම ලබන වර්ෂයේ මැයි මසට යෙදී තිබෙන බවත් මේ වර්ෂයේ අගෝස්තු මස නැවත සලකා බැලීම සිදුවන නිසා ඒ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් මහා අධිකරණ විනිසුරු කැමරුන් මැන්ඩර් ප්‍රකාශ කළේය.

    පසුගිය අප්‍රෙල් 21 ප්‍රථම වතාවට ප්‍රධාන සැකකරු ටැරන්ට් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ මානසික සෞඛ්‍ය සම්බන්ධව වාර්තාවක් කැඳවන ලදී. ඒ ඔහු සම්බන්ධව නඩු කටයුත්ත ඉදිරියට පවත්වා ගෙන යාම සුදුසුද යන්න තීරණය කිරීම සඳහායි. නමුත් ඔහුගේ සෞඛ්‍ය සම්බන්ධව ගැටළුවක් පැන නොනැගුනු බැවින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යන බව අධිකරණය තීරණය කර ඇත.

    මේ අතර බ්‍රෙන්ටන් ටැරන්ට්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීම සබන්ධව පනවා තිබූ තහනම ගිය සතිය තුළ ඉවත් කර තිබේ. ඔහු මේ වන විට පැරමෝරිමෝහි ඔක්ලන්ඩ් බන්ධනාගාරයේ හුදෙකලාව රඳවා තිබේ.

    මෙය නවසීලන්තය තුළ ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධව චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාවයි.
    පසුගිය මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය වන අල්නූර් දේවස්ථානයට සහ ලින්වුඩ් ඉස්ලාම් මධ්‍යස්ථානයට මෙම සැකකරු විසින් එල්ල කළ ප්‍රහාරයෙන් 51 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

    ප්‍රථමයෙන් අල්නූර් දේවස්ථානයට කඩා වැදුනු සැකකරු එහි සිටි බැතිමතුන්ට අමානුෂිකව වෙඩි ප්‍රහාර එල්ල කළ අතර ඉන්පසු ලින්වඩු ඉස්ලාම් මධ්‍යස්ථානයට ගොස් වෙබි තැබීම් සිදු කළේය. ඔහු කළ මේ සියලු ක්‍රියාදාම ඔහුගේ හිසෙහි සවි කළ කැමරාවක් මගින් අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශ කිරීමට කටයුතු කිරීම මෙහි ඇති විශේෂිතම කාරණාව ලෙස සැලකේ.

    මේ පිළිබඳ ප්‍රකාශක් නිකුත් කළ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කළේ මෙය නවසීලන්ත ඉතිහාසයේ අඳුරු දිනයක් ලෙසයි.

    ඒ අවස්ථාවේ නවසීලන්යේ සංචාරයක නිරතව සිටි බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද මේ සිද්ධියෙන් අනූනවයෙන් දිවි ගලවා ගැනීමට සමත් විය.

    Last modified on සිකුරාදා, 14 ජූනි 2019 15:55

    Latest News