ආජන්ටිනාව හා උරුගුවේ වරුවක්ම අඳුරේ

ජූනි 17, 2019

    ආජන්ටිනාවේ හා උරුගුවේ රාජ්‍යයේ විදුලි බිඳවැටීමක් සිදුවී තිබේ. රටවල් දෙකේ සම්පූර්ණයෙන්ම පාරේ විදුලි සැපයුම විසන්ධිවී ඇති බවයි වාර්තා වන්නේ.

    දුම්රිය සියපල්ල ඇණහිට තිබෙන අතර මාර්ගවල සංඥා අක්‍රීයවීම නිසා ඇතැම් ප්‍රදේශවල දැඩි මාර්ග තදබදයක් ද ඇතිවී තිබේ. ආජන්ටිනා ජනාධිපතිවරයා පවසන්නේ මේ පිළිබඳ වහාම සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවයි.

    ආජන්ටිනාව හා උරුගුවේ යන රටවල් දෙකටම විදුලිය සපයන විදුලි මධ්‍යස්ථානයක සිදුවූ දෝෂයක් හේතුවේන මෙම විදුලි ඇණහිටීම හටගෙන ඇති බවයි, වාර්තා වන්නේ. මෙම විදුලි බිඳවැටීම පැරගුවේ රාජ්‍යයට ද බලපෑමක් එල්ල කර ඇති අතර, එහි ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටී තිබේ.

    Last modified on සදුදා, 17 ජූනි 2019 08:08

    Latest News