ඇතැම් ප්‍රදේශවල ජලය ලබාගැනීම සඳහා අඩි 40කට ආසන්න ගැඹුරට ළිං හෑරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. බොහෝ ප්‍රදේශවල පානය කිරීමට තරම්වත් ප්‍රමාණවත් ජලය නොමැති බවයි වාර්තා වන්නේ.
බොහෝ දෙනා මඩ වතුර රැගෙන ගොස් පිරිසිදු කර භාවිතයට ගන්නා බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ හේතුවෙන් රෝගාබාධ පැතිරයාමේ අවදානමක් ද පවතින බව බලධාරීන් පවසයි. ඉන්දියාවේ සෑම වසරකම පාහෝ මැයි සහ ජුනි මාසවල පවතින දැඩි උෂ්ණත්වය නිසා මෙම ජල අර්බුදය උද්ගතවෙයි.