අමෙරිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට

ජූනි 01, 2019

    අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ රජයේ ගොඩනැගිල්ලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දොළොස් දෙනෙකු මියගොස් තවත්, කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.

    ඊයේ සවස වර්ජිනියා වෙරළාසන්න නගර සභා ගොඩනැගිල්ලක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි, වාර්තා වන්නේ. වෙඩි තැබීම සිදු කරන පුද්ගලයා, වර්ජිනියා, වෙරළාසන්න නගරයේ දීර්ඝ කාලයක සිට සේවය කරන්නෙකු බව ප්‍රාන්ත පොලීසිය සඳහන් කරයි. කෙසේ වෙතත්, තුවත්කුකරුගේ අනන්‍යතාවය පැහැදිලිව මෙතෙක් හෙළිදරව් කර නොමැත. අදාළ පුද්ගලයා, පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවේ දී මියගිය බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    අදාළ වෙඩි හුවමාරුවේ දී ආරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ. වෙඩි තැබීම සිදුවූ ප්‍රදේශය රජයේ ගොඩනැගිලි රැසක් පවතින ප්‍රදේශයක් ලෙසයි සැළකෙන්නේ. එමෙන්ම, මෙය හාරලක්ෂ හතළිස් දහසක පමණ පිරිසක් ජීවත් වන ජනාකීර්ණ ප්‍රදේශයක්. පොලීසිය සඳහන් කරන පරිදි තුවක්කුකරු අදාළ වෙඩි තැබීම තනිව සිදුකර තිබේ.

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 09:46

    Latest News