මෝදිගේ නව රජයේ ආරක්ෂාවට වැඩි අවධානයක්: ආරක්‍ෂක අමාත්‍යධූරය රාජ් නාත් සිං ට

මැයි 31, 2019

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නව රජයේ අමාත්‍ය මණ්ඩලය සඳහා විෂය පථ වෙන්කර තිබේ.

    ඔහුගේ පළමු ධූර කාලය තුළ 66ක් වූ අමාත්‍ය ධූර සංඛ්‍යාව මෙවර සීමාකර ඇත්තේ 58කටයි. නව අමාත්‍යවරුන් දිවුරුම්දීම ඊයේ රාස්ට්‍රපති භවාන්හිදී සිදුවුවත්, ඔවුන්ගේ විෂය වෙන් කිරීම සිදුවූයේ අදයි. පත්කර ඇති කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 24ක්. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 33 දෙනෙකු ද ඊයේ දිවුරුම් දුන්නේය.

    මුල්වරට කැබිනට් මණ්ඩලය තෝරා ගැණුනු බී.ජේ.පී. පක්‍ෂ සභාපති අමිත් ෂා වෙත ස්වදේශ කටයුතු අමාත්‍යධූරය පවරා තිබේ. නව ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යවරයා වන්නේ රාජ් නාත් සිං. ආරක්‍ෂක අමාත්‍යධූරය කලින් හෙබවූ නිර්මලා සීතාරාමන් වෙත මෙවර මුදල් අමාත්‍යධූරය භාරදී තිබේ.

    නව ඉන්දීය රජයේ විදේශ අමාත්‍යවරයා වන්නේ, ඉකුත් රජයේ විදේශ ලේකම් ධූරය හෙඹවූ එස්. ජයශංකර්. සුස්මා ස්වරාජ් සහ අරූන් ජේට්ලි සෞඛ්‍ය හේතූන් මත මෙවර කැබිනට් මණ්ඩලයට ඇතුලත් නොවූ බව වාර්තාවේ. සමස්ත අමාත්‍යධූර 57 අතුරින් 19 දෙනෙකුම නවකයන්වීම ද මෙවර විශේෂත්වයක්. 

    Last modified on සිකුරාදා, 31 මැයි 2019 19:27

    Latest News