72 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේ නිමාව

මැයි 31, 2019

    72 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී නිමා විය.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාමාජික රටවල් එහිදී එකඟත්වයට පැමිණ තිබේ.

    "විශ්ව සෞඛ්‍ය ආවරණය; කිසිවකුත් අතනොහැර" යන තේමාව යටතේ මෙවර ලෝක සෞඛ්‍ය සමුළුව පැවැත්විය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය දරණ රටවල නියෝජිතයින් ඊට එක්ව සිටියේය.

    දින නවයක් පුරා පැවති සමුළුවේදී ලොව සෑම රටකම ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබිණි.

    ජනතාවගේ සෞඛ්‍යාවරණය වැඩිදියුණු කිරීම පිළිබඳව රටවල් වලට උපකාර කිරීම සඳහා ගෝලීය වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළේය.

    Latest News