ඉන්දියාවේ ගින්නකින් සිසුන් 19ක් මරුට

මැයි 25, 2019

    ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පෞද්ගලික උපකාරක පන්තියක ඊයේ සවස ඇතිවූ ගින්නකින් සිසුන් ඇතුළු තවත් පුද්ගලයින් 19කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ.

    තක්ෂිලා ලෙස නම් කෙරුණු උපකාරක පන්ති පිහිටි මෙම ගොඩනැගිල්ලේ තෙවැනි සහ සිව්වැනි මහල්වල ගින්න හටගෙන ඇති අතර, ඇතැම් සිසුන් මියගොස් ඇත්තේ ගින්නෙන් බේරීම සඳහා පිටතට පැනීමෙන්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැතත්, අදාළ අධ්‍යාපන ආයතනයේ වහලයේ තිබූ අමුද්‍රව්‍ය ගින්න ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතුවී ඇති බවයි, වාර්තා වන්නේ.

    ගින්නට හසුවීමෙන් තවත් දරුවන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද එරට රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.කෙසේ වෙතත්, වයස අවුරුදු 14ත්17ත් අතර වයස් සීමාවේ සිසුන් මෙම අනතුරට මුහුණ පා ඇති අතර, මිය ගිය බහුතරයක් සිසුවියන් බව වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 10:00

    Latest News