තෙරේසා මේ අතහැරි අගමැති පුටුවට තරගයක්

මැයි 25, 2019

    බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ සිය ධුරයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග කොන්සවේටිව් පක්ෂයේ සහ බ්‍රිතාන්‍ය අගමැති තනතුර සඳහා නව තරගකාරීත්යක් ඇති වී තිබේ.

    ජුනි මස 7 වැනිදා තමා පක්ෂ නායක පදවියෙන් ඉවත් වන බවයි, අගමැතිනිය ඊයේ නිවේදනය කළේ. ඒ සමගම අගමැති පදවියෙන් ද ඉවත් වීමට ඇයට සිදුවෙයි. බ්‍රෙක්සිට් ක්‍රියාවලිය මුල් කරගනිමින් අගමැතිනිය සහ පාලක කන්සර්වේටිව් පක්ෂයේ සෙසු සාමාජිකයන් අතර දැඩි මතභේද පැවතිණ. කෙසේ වෙතත්, එළඹෙන ජුලි මස අගභාගය වන විට නව නායකයෙකු තෝරා පත් කර ගන්නා බවත්, එලෙස නව නායකයෙකු තෝරා ගන්නා තෙක් තෙරේසා මේ සිය ධුරයේ රැඳී සිටින බවත්, වාර්තා වෙයි.

    මේ වන විට අදාළ තනතුරු සඳහා කැපී පෙනෙන දේශපාලන චරිත 4ක් ඉදිරිපත් වී සිටියි. ඒ එරට විදේශ ලේකම් ජෙරමි හන්ට්, අන්තර්ජාතික සංවර්ධන ලේකම් රෝරි ස්ටීවන්ට්, හිටපු විදේෂ ලේකම් බොරිස් ජොන්සන් සහ හිටපු වැඩ සහ විශ්‍රාමික කටයුතු ලේකම් ඊස්ටර් මැක්වේ යන අයයි. කෙසේ වෙතත්, ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළ අගමැතිනියගේ මෙහෙවර යුරෝපා රටවල් අගය කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 09:38

    Latest News