විකිලීක්ස් නිර්මාතෘට චෝදනා 17ක්

මැයි 24, 2019

    අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විකිලීක්ස් වෙබ්අඩවි නිර්මාතෘ ජුලියන් ආසන්ජ්ට එරෙහිව නව චෝදනා 17ක් ගොනුකර තිබේ.

    මේ වන විට අසාන්ජ් බ්‍රිතාන්‍යයේ සිරගතව සිටියි. 47 හැවිරිදි ජුලියන් අසාන්ජ් ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලබා සිටියදී ඉකුත් අප්‍රේල් 11 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. මේ වන විට ඔහු සිරඳඩුවමකට යටත්ව සිටියි.

    විකිලීස් වෙඩ්අඩවිය හරහා අමෙරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් අමෙරිකාව නව චෝදනා 17ක් යටතේ නඩු ඔහුට එරෙහිව ගොනුකර තිබේ. ඉන් බහුතරය වසර 5 සිට 10 දක්වා සිර දඩුවම් ලැබිය හැකි චෝදනා ලෙසයි, සැළකෙන්නේ. ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට අපේක්ෂිත බවයි, වාර්තා වන්නේ.

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 10:39

    Latest News