අමෙරිකානු මධ්‍යවාර මැතිවරණය අද

නොවැ 06, 2018

    අමෙරිකානු මධ්‍යවාර මැතිවරණය අද පැවැත්වෙනවා. මෙහිදී සෙනෙට් සභාවේ මන්ත්‍රී ධුර 35ක් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් සඳහා අමෙරිකානුවන් සිය ඡන්දය භාවිත කරනු ඇති.

    මෙවර මැතිවරණය විදෙස් මාධ්‍ය හඳුන්වන්නේ, වඩාත් වර්ගවාදී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පැවැත්වූ අවස්ථාවක් ලෙසයි. බොහෝ දැන්වීම් ආයතන හා මාධ්‍ය රිපබ්ලිකන් පක්ෂයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම නවතා ඇත්තේ, ඒවා ජාතිවාදීවීම හේතුවෙන්. ජනාධිපතිවරයාගේ රිපබ්ලිකන් පක්ෂයට මේ වන විට සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයක් හිමිව තිබේ.

    නමුත් මෙවර මැතිවරණයේ දී ඔහුට එම බහුතරය අහිමි වුවහොත් විශාල අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ. මැතිවරණයේ දී ඡන්ද දායකයින් මිලියන 31ක් පමණ පූර්ව මැතිවරණ ප්‍රකාශන ක්‍රමවේදය යටතේ මේ වන විටත් තම ඡන්දය සලකුණු කර අවසන්. එරට වේලාවෙන් අද සවස 6.00ට ඡන්දය සලකුණු කිරීම අවසන් වනු ඇති.

    Last modified on අඟහරුවාදා, 06 නොවැම්බර් 2018 12:19

    Latest News