ට්‍රම්ගේ ධුරය ගැන ජනමත විචාරනයක් ඇයි?

නොවැ 07, 2018

    2018 අමෙරිකානු මධ්‍යධුර කාල මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වී තිබේ.

    අමෙරිකානු පාර්ලිමේන්තුවේ කොංග්‍රස් මණ්ඩලයේ බලය හිමිවන්නේ, රිපබ්ලිකන් පක්ෂයට ද ඩිමොක්‍රටික් පක්ෂයට ද යන්න මෙම ඡන්ද විමසුමෙන් තීරණය වනු ඇති. නියොජිත මන්ත්‍රී මණ්ඩලයේ සමස්ථ ආසන 435ක් සඳහා නියෝජිතයන් පත් කර ගැනේ.

    එමෙන්ම, සෙනෙට් මණ්ඩලයේ ආසන 35ක් සඳහා සභිකයන් පත්කර ගැනීම ද සිදුවේ. අමෙරිකාවේ ප්‍රාන්ත 50න් 36ක් සඳහා ආණ්ඩුකාරවරුන් තෝරා පත්කර ගැනෙන්නේ ද මෙම මැතිවරණයෙන්. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 23ක බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවන බව පූර්ණ සමීක්ෂණවලින් හෙළිවී තිබේ.

    2020 වසර වන තෙක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයේ සිටිය ද, මෙවර මැතිවරණය ඔහුගේ ජනාධිපති ධුරය පිළිබඳ ඡනමත විචාරණයක් ලෙසයි විදෙස් විචාරකයන් හඳුන්වන්නේ.

    Latest News