දීපවාලිදා දිල්ලියම අඳුරුවෙයි

නොවැ 06, 2018

    දීපවාලී උත්සවය සමග ඉන්දියාවේ අගනුවර වායු දුෂණ මට්ටම ඉහළ ගොස් තිබේ.

    එහි වායු දූෂණ මට්ටම නිර්දේශිත අගයට වඩා 20 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි, වාර්තා වන්නේ. දිල්ලි නගරයේ දැඩි මීදුම් තත්වය්ක ඊයේ දිනය පුරා දක්නට ලැබිණ. අද වන විට එය විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි, විශේෂඥයින් පවසයි.

    දීපවාලී උත්සවයත් සමග විශාල වශයෙන් රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය මීට හේතුවයි. පරිසර දූෂණය අවම කර ගැනීමේ අරමුණෙන් ඉන්දීය උප ශ්‍රේෂ්ඨාධිකරණය ගිනිකෙළි දල්වන වේලාව පැය 2කට පමණක් සීමා කරනු ලැබීය. නමුත්, මෙම නීතිය ක්‍රියාත්මක කිරිම ඉතා අපහසු බවයි, බලධාරීන් පවසන්නේ.

    Latest News