කේරළයේ ප්‍රහාරයකට සැරසුනු;සහරාන්ගේ අනුගාමිකයෙක් අල්ලයි

අප්‍රේ 30, 2019

    ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට සැලසුම් කළ අයිඑස් සංවිධානයට අනුබද්ධව ක්‍රියා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය රජය විමර්ශන ඒජන්සිය පියවර ගෙන තිබේ.

    ඔහු සහරාන් හෂීම් ගේ අනුගාමිකයෙකු බවට අනාවරණය වී ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. 29 හැවිරිදි රියාස් අබුබකර් ලෙස හැඳින්වෙන ඔහු කේරළයේ පලක්කාඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පසුගිය 21 වැනි දින ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සැලසුම් කළ සහරාන් හෂීම් සමග ඔහු සබඳතා පැවැත්වූ බව, ඉන්දීය පොලීසිය අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී තිබේ.

    වසරක පමණ කාලයක සිට මොහු සහරාන් සමඟ සබඳතා පවත්වා ඇති අතර අන්තවාදියෙකු වූ ශකීර් නායික්ගේ හා සහරාන්ග් අදහස් අධ්‍යනය කර තිබේ. මේ අතර, කේරළ ප්‍රාන්තයේ සිදු කිරීමට නියමිතව තිබූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කරුණු රැසක් සොයා ගත් බව, ඉන්දීය ආරක්ෂක අංශ පවසයි. වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 12:28

    Latest News