චීනයේ ප්‍රථම අඟහරු රෝවරය “ චූ රොන්ග්”

අප්‍රේ 25, 2021

    චීනයේ ප්‍රථම අඟහරු රෝවරය “ චූ රොන්ග්” (Zhurong) ලෙස නම් කෙරේ. චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් එය නිවේදනය කරන ලදි.

    පැරණි චීන විශ්වාසයන්ට අනුව “චූ රොන්ග්”යනු ගින්නට අධිපති දෙවියන්ය. එය චීන භාෂාවෙන් අඟහරු ග්‍රහයා හැඳින්වෙන අර්ථය ද නිරූපණය කරයි. මානව සංහතියේ පැරණි මුතුන් මිත්තන්ට ගින්දර මගින් උණුසුම සහ දීප්තිය ගෙන දී තිබේ.

    මානව ශිෂ්ඨාචාරය දීප්තිමත් කළේ ගින්දරෙනි. ගින්නට අධිපති දෙවියන්ගේ නමින් චීනයේ ප්‍රථම අඟහරු රෝවරය නම් කිරීමෙන් අඟහරු ලොව ගවේශණය කිරීම‍ චීන මුලපිරුමේ ගිනිසිළුව පහන් දල්වා ඇතැයි චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයේ උප පරිපාලක වූ යන්හුවා මහතා පැවසීය.

    චීනයේ අඟහරු ගවේශන යානය වන ටියැන්වන් 1 යානය 2020 වසරේ ජූලි 23 වෙනිදා ගුවන් ගත කෙරිණ. එය පෙබරවාරි 24 වෙනිදා අඟහරු කක්ෂයට ඇතුළු විය. මැයි මාසයේ දී අඟහරු ග්‍රහයා මතට සුමුදු ගොඩබෑම වඩාත් අභියෝගාත්මක කාර්යය බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සඳහන් කරයි. 

    ටියැන්වෙන් -1 හි විද්‍යාත්මක අරමුණු අතරට භූ විද්‍යාත්මක ව්‍යුහය සිතියම් ගත කිරීම, මතුපිට පාංශු ලක්ෂණ සහ ජල අයිස් ව්‍යාප්තිය විමර්ශනය කිරීම ඇතුළු කාර්යයන් රැසක් ඇතුලත්ය.

     

    මෝතිලාල් හිස්සැල්ල - රූපවාහිනි වාර්තාකරු (චීනයේ බෙයිජිං නුවර සිට)

    Last modified on ඉරිදා, 25 අප්‍රේල් 2021 12:09

    Latest News