පාප් වහන්සේ සුඩාන නායකයින්ගේ දෙපතුල් සිප ගනී: සිවිල් යුද්ධයකට නොයෑමට ආයාචනයක් (විඩියෝ)

අප්‍රේ 12, 2019
  • සිවිල් යුද්ධයකට නොයන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩානයෙන් ඉල්ලා සිටී.

    පාප් වහන්සේ මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ, දකුණු සුඩාන නායකයින්ගේ දෙපතුල් සිප ගනිමිනි. වතිකානුවට පැමිණි දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර්, හිටපු උප ජනාධිපති රෙයික් මචාර් සහ තවත් නායකයින් පිරිසක් පාප් වහන්සේ හමුවීමට පැමිණ තිබිණ. එහිදී උන්වහන්සේ ඒ සියලු දෙනාගේම දෙපතුල් සිප ගනිමින් සාමය වෙනුවෙන් එක්වන ලෙස ආයාචනා කර ඇත. ඒ අනුව පාප් වහන්සේ දැක්වූ ඉල්ලීමට ගෞරව කරමින් කඩිනමින් එක්සත් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට අත්සන් තැබිණ.

    Last modified on සිකුරාදා, 12 අප්‍රේල් 2019 17:15

    Latest News