සත් වසරක් තානාපති සෙවනේ සිටි විකිලීක්ස් නිර්මාතෘ අසාන්ජ් අත්අඩංගුවට

අප්‍රේ 11, 2019

    විකිලීක්ස් වෙබ් ජාලයේ සංස්කාරක හා සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ්, බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට පත්විය.

    ඒ වසර 07ක කාලයක් ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලබා රැඳී සිටීමෙන් අනතුරුවයි. ජුලියන් අසාන්ජ් ප්‍රසිද්ධියට පත්ව සිටියේ අමෙරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික රහස් විකිලීක්ස් වෙබ් ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කිරීම හේතුවෙන්.

    ජුලියන් අසාන්ජ්ට තවදුරටත් රැකවරණ ලබා නොදෙන බව ඉක්වදෝර් රජය ප්‍රකාශ කළේය. වසර 7කට පසු ඔහු අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පොලිසියට හැකිවූයේ ඉන් පසුවයි. අසාන්ජ් ස්වීඩනයේ ලිංගික අපචාර නඩුවක විත්තිකරුවෙකු වී සිටී. එහෙත් එම නඩුව මේ වනවිට නිෂ්ප්‍රභ කොට අවසන්.

    ලෝකයම ආන්දෝලනයකට පත් කළ අමෙරිකානු රහස් හෙළි කිරීමේ සිද්ධිය පදනම් කරගෙන තමාට එරෙහි ව්‍යාජ නීති ක්‍රියාමාර්ගයක් ආරම්භ වූ බවයි අසාන්ජ් ප්‍රකාශ කරන්නේ. කෙසේ හෝ ඔහු තම අත්අඩංගුවට ගැනීමට අමෙරිකාව උත්සාහ දරමින් සිටී. බ්‍රිතාන්‍ය රජය දැනට අසාන්ජ් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අධිකරණ නියෝග නොතකා හැරීමේ චෝදනාව පදනම් කරගෙනයි. එහෙත් පසුව ඔහු අමෙරිකාවට භාර දෙනු ඇතැයි විශ්වාස කෙරේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 19:46

    Latest News