ගිනිඅවි නීති සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මතයි

අප්‍රේ 11, 2019

    ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනයට අදාළ යෝජනාව නවසීලන්ත පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මතවී තිබේ.

    ඊට අදාළ යෝජනාව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණ. සියලු වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි තහනම් කිරීමේ අරමුණෙන් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කෙරිණ. එහිදී පැවැති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 119ක් ලැබී තිබිණ.

    විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ එක් මන්ත්‍රීවරයෙක් පමණයි. ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ එම සංශෝධනය නීතියක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. නවසීලන්තයේ ක්‍රයිචර්ච්හි දේවස්ථාන දෙකක සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 50 දෙනෙකු මියයාමේ සිද්ධිය මුල්කර ගනිමින් ගිනි අවි නීති සංශෝධනයට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රකශ කර තිබිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 13:31

    Latest News