ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් මෝදියේ මුහුණ ගැලවෙයිද?

අප්‍රේ 11, 2019

    ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද ආරම්භ වෙයි. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙයයි.

    මහ මැතිවරණය ලබන මැයි මස 19 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මැයි 23 වැනිදා ඡන්ද ගණන් කිරීම අවසන් කර, ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගැනේ. ඡන්ද දායකයින් කෝටි 90ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව වාර්තා වෙයි.

    ඉන්දීය පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් 543 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. මැතිවරණයේ පළමු දින 7 අවසන් වෙද්දී ප්‍රාන්ත 20ක ආසන හිමිකර ගනුයේ කවුරුන්දැයි, තීරණය වෙයි. මැතිවරණ කාලසීමාව තුළ දී ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමේ අවදානම සැලකිල්ලට ගනිමින් ආරක්ෂක තත්වය ඉහළ නැංවීමට ඉන්දියානු රජය පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 08:56

    Latest News