දේශසීමා නොතකමින් වෙනිසියුලානුවන් කොලොම්බියාවට

අප්‍රේ 04, 2019

    දේශ සීමා බාධක නොතකමින් වෙනිසියුලානු වැසියන් දහස් සංඛ්‍යාත පිරිසක් කොලොම්බියාවට ඇතුළු වී තිබේ.

    ආහාර සහ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ අරමුණින් ඔවුන් කොලොම්බියාවට පැමිණ ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වෙනිසියුලාව මේ වනවිට දේශපාලන අර්බුදයක සිටී.

    ඒ රටේ දේශපාලන බලය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ අතර හටගෙන ඇති අරගලය හේතුවෙන්.

    විපක්ෂ නායක ගුවයිඩෝට අමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් සහය පළ කළේය.

    මේ අතර, ජනාධිපති මදුරෝට ලතින් අමෙරිකානු රටවල් රැසක සහය ලැබිණ.

    මෙම අර්බුදකාරී තත්වය හමුවේ රටේ ආර්ථිකය බිඳ වැටිණ.

    ආහාර හිඟය, විදුලිය විසන්ධිවීම, ජලය නොමැතිකම, රැකියා අහිමිවීම, වෛද්‍ය පහසුකම් නොලැබීම වැනි කරුණු හේතුවෙන් අරුබුද රැසකට එරට ජනතාව මුහුණ දුන්නේය.

    මේ අතර, ජනාධිපතිවරයා දේශ සීමාවන් ද වසා දැමීය.

    මෙවැනි තත්වයක් තුළ එරට වැසියන් කොලොම්බියාවේ උතුරුදිග ප්‍රදේශයට ඇතුල්වෙමින් සිටී.

     

    Latest News