අමෙරිකා ජනාධිපති හා නේටෝ මහ ලේකම් අතර ‍සාකච්ඡා

අප්‍රේ 04, 2019

    අමෙරිකා ජනාධිපතිවරයා නේටෝ සංවිධාන මහ ලේකම්වරයා සමග ‍සාකච්ඡා පවත්වයි.

    නේටෝ සාමාජිකයින්ට ආරක්ෂක පිරිවැය ඉහළ දමන ලෙස හෙතෙම එහිදී බලකර සිටියේය.

    අමෙරිකාව නේටෝ සංවිධානය වෙනුවෙන් ඉතා විශාල පිරිවැයක් දරයි.

    එය අසමාන වන බව ට්‍රම්ප් පවසයි.

    ජර්මනිය ගෙවිය යුතු මුදල නොගෙවන බවට ද ට්‍රම්ප් චෝදනා කර ඇත.

    ඔවුන් ත්‍රස්ත මර්ධනය, රුසියාව පිළිබඳව හා අන්තර්ජාල තර්ජනයන් ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    නේටෝ සංවිධානය පිහිටුවීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන දෙදින විදේශ අමාත්‍ය සාකච්ඡාවට සහභාගීවීමට එම සංවිධාන මහ ලේකම්වරයා වොෂිංටනයට පැමිණ සිටී.

    Latest News