ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරෙන් 80ක් ජීවිතක්ෂයට

අප්‍රේ 05, 2019

    ඇෆ්ගනිස්ථානයට‍ බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

    මේ හේතුවෙන් තවත් 42,000කට අධික පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කඩිනම් සහන සැලසීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ කාර්යාලය පියවර ගෙන ඇත.

    ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්ත 21 කට සති දෙකක කාලයක සිට  ගංවතුර තත්ත්වය පවතී. 

    Latest News