පාසලක් තුළ වෙඩි තැබීමක් 3ක් මරුට

අගෝ 22, 2024
    වයඹදිග බොස්නියාවේ ද්විතීක පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පාසල් කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

    එම පාසලේම සේවකයෙකු විසින්, වෙඩි තැබීම සිදු කර ඇති බවයි, වාර්තා වන්නේ.

    ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති බව, බොස්නියානු පොලිසිය පවසනවා.
    වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු දිවි නසා ගැනීමට තැත් කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
    ඔහු මෙම සිද්ධියට පෙර, පාසලේ වැඩ තහනමකට ලක්ව ඇති අතර, පාසලෙහි රැස්වීමක් අතරතුර වෙඩිතැබීම සිදු කර ඇති බව ද වාර්තා වනවා.
    සිද්ධියෙන් මිය ගිය පිරිස අතරට පාසලේ විදුහල්පති එහි ලේකම් සහ ඉංග්‍රීසි ගුරුවරයෙකු ද ඇතුළත්.
     

    Latest News