ජාත්‍යන්තර පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම චීන ජනපති අවධාරණය කරයි

ජූනි 13, 2024

    සාමකාමී සංවර්ධනයක් සහිත ජාත්‍යන්තර පරිසරයක් නිර්මාණය කිරීමට සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ (UNCTAD) 60 වැනි සංවත්සර උළෙලේ, ඊයේ (12) පැවති සමාරම්භක අවස්ථාවට වීඩියෝ තාක්ෂණය මගින් දේශනයක් පවත්වමිනි.

    ලොව සියලු රටවල් සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කළ යුතු අතර සමාන හා විධිමත් ලෝකයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    එසේම සියලුදෙනා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අනුගත වෙමින්, වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවට මෙන්ම සෙසු බහුපාර්ශ්වික සංවිධානවලට ද නිසි සහයෝගය ලබා දිය යුතු බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

    නවෝත්පාදන මත පදනම් වූ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, ජනතා කේන්ද්‍රීය ඩිජිටල් ආර්ථික පරිසරයක් ගොඩනැඟීම, AI තාක්ෂණය ඵලදායී ලෙස භාවිත කිරීම, එක්සත් ජාතීන්ගේ රාමුව තුළ AI සම්බන්ධ නීති සහ පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම සහ  හරිතකරණ ක්‍රියාවලිය සක්‍රියව ඉදිරියට ගෙන යාම වැනි පියවරයන් හි ඇති වැදගත්කම චීන ජනාධිපතිවරයා මෙහිදී විග්‍රහ කළේය.

    ඩිජිටල්, සුහුරු සහ හරිත සංවර්ධනය වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය ලබා දිය යුතු බව ද ඔහු කියාසිටී.

    Latest News