ජීවිත 09ක් ඩැහැගත් මිසයිලය

ජූනි 13, 2024
    ‍‍‍යුක්‍රේනයේ දකුණු දිග "ක්රිව් රිහ්" නගරයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
    තවත් 30 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
    ‍ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිල්ලකට සහ තවත් ගොඩනැගිලි කිහිපයකට අලාභ හානි සිදුව තිබෙනවා.
    තුවාල ලැබූ වැඩි පිරිසක් ළමයින්. එම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන් බවද, වාර්තා වනවා. "ක්රිව් රිහ්" නගරය, යුක්‍රේන ජනාධිපති ‍ව්ලෝදමීර් සෙලෙන්ස්කිගේ උපන් ගම් ප්‍රදේශය වන බවද, සඳහන්.
    ජනාධිපතිවරයා විපතටපත් අය‍ගේ පවුල්වල ඥාතීන් වෙත සිය ශෝකය පළ කර තිබෙනවා. දෛනිකව සිදුවන රුසියානු ගුවන් ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ගුවන් ආරක්‍ෂාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව, ඔහු අවධාරණය කරනවා.

    Latest News