නිරිත දිග අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමක්‍

මැයි 30, 2024
    නිරිතදිග අයිස්ලන්තයේ "රෙක්ජනස්" අර්ධද්වීපයේ තවත් ගිනිකඳු පිපිරීමක් සිදුව තිබෙනවා.
    කුඩා ධීවර නගරයක් වන "ග්රි්න්ඩාවික්" ප්රිදේශයෙන් ජනතාව අවට ස්ථානවලින් වහාම ඉවත් කිරීමට නියෝග කර ඇති අතර, එම කලාපයට හසිදි තත්වයක් ප්රිකාශයට පත් කර තිබෙනවා.
    ‍පරසී දේශය අවට මීටර 50 ක් පමණ ඉහළට මැග්මා සහ ඝන අළු දුමාරය පැතිර යමින් පවතිනවා. අයිස්ලන්ත කාලගුණ විද්යාප කාර්යාංශය පවසන්නේ, විධාරණය වී ඇති නව ගිනි කන්දේ විවරය කිලෝ මීටර 2.5 කට වඩා දිගින් යුක්ත වන අතර, එය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි.
    පවතින අවදානම් තත්වය හමුවේ පූර්ව ආරක්ෂිවත පියවරක් ලෙස නගරයේ විදුලිබලය විසන්ධි කිරීමට පියවර ගෙන තිබෙනවා. හදිසි තත්වයක් ප්රගකාශයට පත් කර තිබුණ ද, අයිස්ලන්තයට හා ඉන් පිටතට සියලු ගුවන් ගමන් වාර තවදුරටත් ක්රිායාත්මකයි.
    ජනතාවට එම ගුවන් වාර සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන ලෙසද ප්රාටන්ත බලධාරින් උපදෙස් දී තිබෙනවා. අවදානම් ප්රසදේශ ආසන්නයේ සිටින සියලු දෙනාට දැනුම් දී ඇත්තේ, එම ප්රෙදේශවලින් ඉවත්ව ආරක්ෂිපත දුරකට වහාම ගමන් කරන ලෙසයි.
    "රේක්ජ්නස්" අර්ධද්වීපයේ ඉකුත් දෙසැම්බර් මස සිට වාර්තා වූ පස් වැනි ගිනි කඳු පිපිරීම මෙය බවයි, වාර්තා වන්නේ.

    Latest News