ස්ලෝවැකියාවට පළමුවරට ජනපතිනියක්

අප්‍රේ 01, 2019

    ස්ලෝවැකියාවේ ජනාධිපතිවරණයෙන් ජයගැනීමට දූෂණ විරෝධී අපේක්ෂිකා සූසානා කැපුටෝවා සමත්ව තිබේ. ඒ එරට පළමු ජනාධිපතිවරිය බවට පත්වෙමින්.

    සූසානා කැපුටෝවා ස්ලෝවැකියාවේ පළමු ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දී තිබේ.මේ වන විට ඇය පසුවන්නේ 45 වැනි වියේයි. ඉතා අවම දේශපාලන අත්දැකීම් සහිත ඇය ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පරාජය පත්කරමින් එරට ජනපති ධුරය සඳහා තේරී පත්ව තිබීමත් විශේෂත්වයකි.

    එමෙන්ම ඇය නියෝජනය කරන ස්ලෝවැකියා ප්‍රගතිශීලී පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ කිසිදු අසුනක් හිමි නොවීම තවත් විශේෂත්වයකි.

    2018 වර්ෂයේදී එරට මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමේ සිදුවීම තමාට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ප්‍රබල හේතුවක් වූ බව කැපුටෝවා පවසා සිටියි.

    ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට අනුව සූසානා සියයට පනස් අටක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර ඇයගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලබාගෙන තිබුණේ සියයට හතළිස් දෙකක ඡන්ද ප්‍රතිශතයක් පමණකි.

    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 11:47

    Latest News