මළ ගමක් වූ ගාසා පැය 24ට මරණ 178

ජන 22, 2024
    පසුගිය ඔක්තෝබර් මස 07 වැනිදා සිට මේ දක්වා එල්ල වූ ඊශ්රායල ප්රහාර වලින් ගාසා තීරයේ මිය ගිය පිරිස 25,000 ඉක්මවා තිබෙනවා.

    පසුගිය පැය 24 තුළ පමණක් සිදුවූ මරණ සංඛ්යාව 178 ක් බවයි ගාසා හි සෞඛ්ය අමාත්යංශය පවසන්නේ.

    ප්රහාර වලින් මියගිය බහුතරය කාන්තාවන් සහ ළමයින් බවයි වාර්තා පෙන්වා දෙන්නේ. ඊශ්රායලය සිය ප්රහාරය ආරම්භ කළේ ඔක්තෝම්බර් 7 වන දින හමාස් සටන්කාමීන් දකුණු ඊශ්රායලයේ පුද්ගලයින් 1,300 ක් ඝාතනය කර 240 කට වැඩි පිරිසක් ප්රාණ ඇපයට ගත් ප්රහාරයෙන් පසුවයි.
     
    හමාස් සංවිධානය විසින් එම ප්රහාරය පිළිබඳ පළමු වරට නිල නිවේදනයක් ඊයේ නිකුත් කළා.
     
    හමාස් සංවිධානය සඳහන් කර තිබුනේ එම ප්රහාරය ඊශ්රායල විසින් පලස්තීන භූමි ප්රදේශ ආක්රමණයට එරෙහිව "අවශ්ය පියවරක්" සහ පලස්තීන සිරකරුවන් නිදහස් කර ගැනීමේ මාර්ගයක් ලෙස යි.
     
    ඊශ්රායලයේ ගුවන් සහ ගොඩබිම් මෙහෙයුම් මේ වන විට දකුණු ගාසා තීරය වෙත යොමු වී තිබෙනවා.
     
    ඊශ්රයල හමුදාව පවසන්නේ ඉහළ පෙළේ හමාස් අණ දෙන නිලධාරීන් ඛාන් යුනිස් නගරයේ හෝ ඊට යටින් උමං මාර්ග වල සැඟවී සිටින බවයි. ඊශ්රායල ආරක්ෂක හමුදාව කියා සිටියේ මීටර් 830 පමණ දිග තවත් උමං මාර්ගයක් සොයාගත් බවයි.
     
    ඊශ්රායලය විශ්වාස කරන්නේ ළමයින් ඇතුළු ප්රාණ ඇපකරුවන් 20 ක් පමණ විවිධ ස්ථානවල රඳවා සිටි බවයි.
     
    ගැටුම පුපුරා ගොස් මාස තුනකට වැඩි කාලයක් ගතවී ඇතත්, ඊශ්රායලයට හමාස් සංවිධානයෙන් තවමත් ගාසා තීරය හරහා සැලකිය යුතු ප්රතිරෝධයකට මුහුණ දෙමින් සිටින බවයි විදෙස් විශ්ලේශකයික් පවසන්නේ.
     
    එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තා කරන්නේ පරිදි ඊශ්රායල හමුදාව හමාස් සටන්කාමීන්ගෙන් සියයට 20 ත් 30ත් අතර ප්රමාණයක් ක් මරා දමා ඇති බවයි.
    නමුත් අතර එය හමාස් සන්නද්ධ කණ්ඩායම "සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ" නෙතන්යාහුගේ ප්රකාශිත ඉලක්කයට වඩා බෙහෙවින් අඩු අගයක් බවයි විදෙස් විශ්ලේශකයින් පවසන්නේ.

    Latest News