47 ක් අතුරුදන් වූ නාය අනතුර

ජන 22, 2024

    නිරිතදිග චීනයේ යුනාන් ප්‍රාන්තයේ අද උදේ සිදු වූ නාය අනතුරකින්, පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    තවත් 47 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද සඳහන්.

    අතුරුදන් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙස, චීන ජනාධිපති ෂී ‍ජින් පිං අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ගොඩනැගිලි සහ මහාමාර්ග රැසක් මුළුමණින්ම විනාශ වී තිබෙනවා.

    සුන්බුන් හිමෙන් වැසී ගොස් ඇති බව, මාධ්‍ය වාර්තාවල සඳහන්. පවතින අධික ශීත කාලගුණය නිසා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අපහසු වී ඇති බවයි, වාර්තා වන්නේ. මේ වන විට 500 දෙනෙකු පමණ ආරක්ෂක ස්ථාන කරා යොමු කර තිබෙනවා.

    නාය යෑමට හේතුව, මෙතෙක් පැහැදිලි වී නැහැ. ඉදිරි දින කිහිපය තුළ අධික හිම පතනයක් පැවතිය හැකි බව, කාලගුණ විද්‍යා අංශ නිවේදනය කර තිබෙනවා.

    Latest News