ඉරානය දරුණු වෙයි පාකිස්ථානයටත් ප්‍රහාර

ජන 17, 2024
    ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පාකිස්ථානයේ ළමයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    එම දෙරටටම මායිම්ව පිහිටි බලුකිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයේ ගම්මානයකට ප්‍රහාරය එල්ල වී තිබෙනවා. පකිස්ථානයේ ජයිෂ් අල් අඩ්ල් සටන්කාමී කණ්ඩායමට අයත්, කඳවුරු දෙකක් ඉලක්ක කොට ප්‍රහාරය සිදු කළ බව ඉරාන ආරක්ෂක අංශ පවසනවා.

    එය ප්‍රතික්‍ෂේප කරන පකිස්ථානය, එම ක්‍රියාව නීති විරෝධී බව පෙන්වා දෙනවා. පසුගිය දින කිහිපයේ ඉරානය විසින්, ඉරාකයට සහ සිරියාවට එල්ල කළ ප්‍රහාර හමුවේ ඊයේ ඉලක්ක වූ තෙවැනි රට පකිස්ථානය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    ඉරානය, තම ගුවන් කලාපය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් පකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා. පකිස්ථානය හා ඉරානය අතර, සන්නිවේදන මාර්ග කිහිපයක් තිබියදීත්, මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළ කරන බව පාකිස්ථානය පවසනවා.

    Latest News